13 February 2026

logo

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්



විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිම පුද්ගලයෙක්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා. 

මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පරිගණක පද්ධති බිඳවැටීම මේ වන තුරු යථා තත්ත්වයට පත් කර නොමැති බැවින්  අද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත නොපැමිණෙන ලෙසයි. 

පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කළා. 

(colombotimes.lk)