13 February 2026

logo

ආනයනය කරන වාහනවලට අලුත් බද්දක්



ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් මස 01වනදා සිට 2.5%ක බද්දක් හඳුන්වාදී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ ප්‍රකාශ කළා.

ඒ අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

මෙය 2026 අයවැයෙන් අනුමත වූ බද්දක් බවත් එය දැනට නිෂ්කාශනය වන වාහන සඳහා බලනොපාන බවත් එහිදී ඔහු ප්‍රකාශ කළා. 

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ බදු අය කිරීම රේගුවේදීම සිදුවන බවයි. 

(colombotimes.lk)