29 December 2025

logo

හිටපු බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට



2009 වසරේදී කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 6දෙනෙක්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.   

වස්කඩුවේ පදිංචි 57 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

2009 අප්‍රේල් 15වනදා සිදු වූ එම වෙඩි තැබීමෙන් රැදවියන් 6දෙනෙක් මියගොස් 4දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)