මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදෙස් ගත වන මගීන්ගෙන් අය කරන අපගමන බද්ද අද (29) සිට ඉවත් කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුන්තොටුපොළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අය කරන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ මෙය ලබන වසරේ ජුනි මස 26වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
මත්තල ගුවන්තොටුපොළ වෙත මගීන් ආකර්ෂණය කර ගැනීම ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)
