20 November 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා



උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදු වූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත් කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව අද (20) කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් නානුඔය සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතයි. 

උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදු වූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උඩරට මාර්ගයේ දුම්රිය නඩත්තු කටයුතු අද (20) රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

(colombotimes.lk)