20 November 2025

logo

රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර දකුණෙන් ඇරඹෙයි



රටම - එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
 
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරුවේ මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිතයි. 

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ වත්මන් රජයේ රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා. 

(colombotimes.lk)