04 November 2025

logo

O/L සහ A/L සඳහා පෙනී සිටින වයස අඩු කෙරේ



අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී සහ අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්. 
 
එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අදාළ වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
(colombotimes.lk)