03 May 2026

logo

ඇමරිකාවේ පෙට්‍රල් මිල ඉහළට



මේ වන විට මැදපෙරදිග උත්සන්න වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ පෙට්‍රල් මිල ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට මෙලෙස පෙට්‍රල් මිල ඉහළ ගිය බවයි.  

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර නිසා හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. 

මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ද 5%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ පවතින අර්බුදය හමුවේ මෙම සතිය තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3.25 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවයි. 

(colombotimes.lk)