ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට (13) පස්වරුවේ ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිතයි.
ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සමුළුව සඳහා ලොව රාජ්‍ය නායකයින් 20දෙනෙක්ට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බවයි.
බ්‍රිතාන්‍ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද සිය සහභාගීත්වය මේ වන විටත් තහවුරු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් ද ගාසා සාම සමුළුව සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් හමාස් සංවිධානය මෙම සමුළුවට සහභාගී නොවන අතර ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම සමුළුවට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තවමත් නිවේදනය කර නොමැත.
(colombotimes.lk)