මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 310,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
'කැරට් 22' රන් පවුමක මිල ඊයේ (10) සටහන් වුණේ රුපියල් 305,300ක් ලෙසයි.
මේ අතර ඊයේ (10) 330,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 335,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)