01 July 2025

logo

කොවිඩ් සිරුරු ආදාහනය කළාට රජය සමාව අයදියි



කොවිඩ් - 19 වසංගතය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වෛරසයට ගොදුරු වී මිය ගිය අයගේ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබුවා.

ඒ අනුව වෛරසයට ගොදුරු වූ මුස්ලිම් ජාතිකයන් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කර ඇති බව සඳහන්.

පසුව 2021 වසරේ පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයන් සඳහා දැඩි සීමා සහිතව භූමදානය කිරීමට අවසර ලබා දුන්නා.

(colombotimes.lk)