මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව 2025-01–06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නිශ්චිත කාලසටහනකට අනුව ගමන් වාර ක්‍රියාත්මක කරන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටුපළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කර තිබෙනවා.
මීට අදාළ දැන්වීම පහතින්,
(colombotimes.lk)