නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ගැටලු රැසක් මතු වී තිබෙන බවයි.
(colombotimes.lk)
