14 August 2025

logo

මළ සිරුරු 32ක් සහිත සොහොන් බිමක් හමුවෙයි



මෙක්සිකෝවේ ගුවානාජුවාටෝහි ඉඩමක තිබී මළ සිරුරු 32ක් සහිත සොහොන් බිමක් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ එරට අධිකරණ වෛද්‍ය කණ්ඩායම් එම ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදු කරමින් පවතින බවයි.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සිය වින්දිතයන් බොහෝ අවස්ථාවලදී රහසිගත සොහොන්වල භූමදාන කරන අතර මේ වන විට එරට පුද්ගලයන් එක්ලක්ෂ 32,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව මෙක්සිකානු රජය නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වනවා. 

(colombotimes.lk)