04 July 2025

logo

HMPV නමින් ශ්වසන වෛරසයක් පැතිරෙයි



HMPV (Human Metapneumovirus) නමින් තවත් ශ්වසන වෛරසයක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙය පැතිරීම පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජනපදය තුළින් ආරම්භ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ සියයට 20ක් පමණ පිරිසකට දැනටමත් මෙය ශරීර ගතවී ඇති බවයි.

මීට අමතරව HMPV සඳහා සිදුකළ PCR පරීක්ෂණවලින් සියයට 11ක් රෝගය වැළඳී ඇති බවට සනාථ කර තිබුණා.

එම තත්ත්වය අමෙරිකාවේ සාමාන්‍ය පූර්ව වසංගත මට්ටමට වඩා 36% ක පමණ ඉහළ අගයක් ගන්නා බව සඳහන්.

එමෙන්ම HMPV රෝගයට ප්‍රතිකාර වශයෙන් මේ වන විට එන්නතක් නිපදවා නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk) 

Video What to know about human metapneumovirus - ABC News