ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවන බවයි.
2023 වසරේදී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයන් 1,200දෙනෙක් ඝාතනය කර තවත් 251දෙනෙක් සිය ප්‍රාන ඇපයට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලියින් 67,183දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉදිරි දිනවලදී ඇමරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)