01 May 2026

logo

ජනාධිපතිවරණය පැවැත්වෙන මාසය ගැන හෙළිදරව්වක්



එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවට සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඔක්තෝබර් 14 වනවිට මෙරටට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවයි.

මීට අමතරව ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)