15 September 2025

logo

අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි




මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තත්වය මත පාසල් දරුවන් හා වැඩිහිටි පිරිස් දැඩි ලෙස වෙහෙසවීමෙන් විවිධ සංකූලතාවලට ලක්විය හැකි බවයි.

අධික උණුසුම හමුවේ විජලන තත්වය වළක්වා ගැනීම සඳහා හැකි පමණ ජලය පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා පැවසුවා.
(colombotimes.lk)