බස්නාහිර පළාතේ අප්‍රේල් මස සිදුකළ සමීක්ෂණයකට අනුව මදුරු කීට ඝනත්වය බ්‍රිටෝ ඒකක 30 ඉක්මවා ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා.
ලංකාවේ එය බ්‍රිටෝ ඒකක 5කට වඩා අඩු අගයක් විය යුතුයි.
ඒ හේතුවෙන් අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දියත් කළ ඩෙංගු මර්දන වැඩසටහන් අතරතුර පිළියන්දල ගමකින් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන 50කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා.
මේ දිනවල පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය සඳහා අදාළ අංශ ක්‍රියාමාර්ග රැසක් ගනිමින් පවතින බව සඳහන්.
ඒ අනුව අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකදී ඩෙංගු මර්දන වැඩසටහන් පවතිනවා.
(colombotimes.lk)