15 September 2025

logo

සෞඛ්‍ය වර්ජනය අදත්



සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (14) දිනයේත් වැඩ වර්ජනයේ නිරත වන බව දැනුම් දී තිබෙනවා.

ඔවුන් විසින් මෙම වර්ජනය දියත් කරන්නේ වෛද්‍යවරුන්ට ලබාදෙන DAT දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ මාතෘ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
 
(colombotimes.lk)