08 December 2025

logo

මිලිමීටර 540ක මහා වැස්සක් මාතලේ ගම්මඩුවට



පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. 

ඒකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය මි.මී 540ක් ලෙස වාර්තා වී ඇති බවයි. 

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මි.මී 421ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සනට මි.මී 403ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මොරහේනට මි.මී 394ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලට මි.මී 316ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයට මි.මී 232ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. 

(colombotimes.lk)