20 October 2025

logo

දකුණු කැලිෆෝනියාවේ හෙලිකොප්ටර් අනතුරක්



හෙලිකොප්ටර් යානයක් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබියදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති අතර ඉන් තිදෙනෙක් අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බවයි.

වෙරළ ආශ්‍රිතව පැවති උත්සවයට සහභාගී වීමට නියමිතව තිබූ හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)