30 April 2026

logo

PHOTOS | 'හින්දු වතිකානුව' රාම් දෙවියන්ට භාර කෙරේ



ඉන්දියාවේ වඩාත්ම මතභේදාත්මක ආගමික ස්ථානවලින් එකක් වන අයෝධ්‍යාව නැවත හින්දු ජනයාට වැඳුම් පිදුම් කිරීමට භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අයෝධ්‍යා කෝවිල නමින් හැඳින්වෙන මෙය එළඹෙන ජනවාරි 23 වනදා විවෘත කරන බව සඳහන්.

මෙය වසර ගණනාවක් තිස්සේ මුස්ලිම් පල්ලියක් (බාබ්රි පල්ලිය) ලෙස භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 1992 වසරේදී හින්දු ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් බාබ්රි පල්ලියට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ, එය රාම් කෝවිලක නටබුන් මත ඉදිකරන ලද බව පවසමින්.

මේ නිසා රට පුරා ඇතිවූ කැරළි හේතුවෙන් 2,000කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් අහිමිවී තිබුණා.

මේ සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව 2019 දී ලබා දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, එහි අයිතිය හින්දු භක්තිකයින්ට ලබා දෙන බවයි.

අයෝධ්‍යා කෝවිල විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ප්‍රභලයින් රැසක් ප්‍රකාශ කළේ, අගමැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට පෙර මෙය විවෘත කිරීම ඡන්දය සඳහා නරේන්ද්‍ර මොදි භාවිතා කරන උපාය මාර්ගයක් විය හැකි බවයි.
(colombotimes.lk) 

Workers atop the under construction Ram Temple in Ayodhya, Uttar Pradesh, India, on Friday, Dec. 29, 2023.
Ram Janmabhoomi Would Be Developed On The Lines Of The Vatican City And  Mecca: VHP Chief
Uttar Pradesh: Ram Mandir Construction In Full Swing, To Be Completed  Before 2024 Lok Sabha Polls
Ayodhya, India