තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අද (03) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් 05දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසක්.
තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ තිදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අවුරුදු 23, 35 සහ 49 වන වයස්වල පසුවන පුද්ගලයන් බවයි.
(colombotimes.lk)