01. අද වැඩට නොඑන තැපැල් සේවකයන්ට ලැබෙන දඬුවම
වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.
ලිපියක් යොමු කරමින් වර්ජනයේ නිරත සේවකයන්ට ඔහු කියා සිටියේ මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසයි.
වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ඔහු කියා සිටියේ අද (22) සේවයට වාර්තා නොකළ හොත් සේවය අත්හැර ගියා සේ සළකන බවයි.
වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වන විට සිදුවී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මළු බෙදාහෑරීමේ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
02. ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණයක්
එළඹෙන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල සඳහන් කළේ පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි.
03. ලක් මවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක්
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසි කිරීමේ ශූරතාවලියේ අද (22) පැවති හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.
ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම පදක්කම දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී රිදී පදක්කම ජපාන ක්‍රීඩකයෙක්ට හිමි වී තිබෙනවා.
මේ අතර මෙම තරගයට පෙර පැවති කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත්වී තිබෙනවා.
ඇය මීටර් 57.53ක දක්ෂතාවක් දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
එය තරගවාරය තුළ ඇය දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වීම විශේෂත්වයක්.
04. අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
සැප්තැම්බර් අග වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරේදීයි.
05. තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි
වර්ජනයේ නිරත වෘත්තීය සමිති, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
මෙම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන්ද සහයෝගය පළ කර තිබෙන බවයි වර්තා වන්නේ.
මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙන අතර පොලිස් නිලධාරීන් රැසක් ද එම ස්ථානයේ යොදවා තිබෙනවා.
06. රනිල්ගේ නඩුව විභාග කිරීම පැය භාගයකට කල්යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා.
එම නඩුව විභාග කිරීම මිනිත්තු 30කට කල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔහු එම සංචාරය 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දස දෙනෙක් මෙම සංචාරයට සහභාගී වී තිබෙනවා.
අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගැනුණා.
හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
(colombotimes.lk)