01. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක් දින සංකේත වැඩ වර්ජනයක් හෙට (30) දියත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින්.
එම සංගමය සඳහන් කළේ වැටුප් විෂමතා සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
02. සීනි මෝදර අයිස් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
සීනිමෝදර ප්‍රදේශයෙන් 'අයිස්' ලොරි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔක්තෝබර් 13වනදා දක්වායි.
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
03. බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වාට අධිකරණයෙන් දුන් නියෝගය
නීති විරෝධී ජීප් රථ 3ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
ඔහුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප 02ක් මත මුදා හැර තිබෙන බවයි වාර්තා වන්නේ.
04. ජීව පතරොම් 458ක් සහ හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි
විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී - 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොට්ටාව ප්‍රදේශයේදීයි.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන 02ක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.
05. ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගත් මත්ද්‍රව්‍යක් ගැන හෙළිදරව්වක්
වැලිගමදී අත්අඩංගුවට ගත් 'අයිස්' (ICE) යැයි සැක කළ මත්ද්‍රව්‍ය තොගය Mephedrone මත්ද්‍රව්‍ය බවට තහවුරු වූ බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.
රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ බව තහවුරු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.
06. මාවනැල්ලේ අනතුරෙන් කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එලෙස කඩා වැටුණු පස් බැම්මේ සිරවී සිටි ඉදිකිරීම් කම්කරුවෙක් මියගොස් ඇති බව තහවුරු වී තිබෙන බවයි.
ඔහුගේ තිදෙනාගේම මළ සිරුර මේ වන විට සොයාගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළා.
එම අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනාම මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)