11 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ගාසා ගැන ඊශ්‍රායලයේ අවසන් තීරණය ප්‍රකාශ කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරය වෙනුවෙන් යෝජනා කළ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සාම සැලැස්මට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම අනුමත කර ඇති බවයි. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා හමාස් සංවිධානයට අවසන් නිවේදනයක් නිකුත් කළා. 

ඉන් අනතුරුව ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව හමාස් විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එළඹෙන සඳුදා හෝ අඟහරුවාදා නිදහස් කරන බවයි. 


02. දේශබන්දුට එරෙහි නඩුව කල්යයි

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකා බැලීමට දෙසැම්බර් 17වනදා නියම කර තිබෙනවා. 

ඒ එම නඩුව අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.   

නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිට තිබෙනවා. 




03. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

ගාසා තීරයේ එකඟ වූ ස්ථානවලින් ඊශ්‍රායල හමුදා ඉවත්වීම අවසන් බව, මැද පෙරදිග සඳහාවන ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් නිවේදනය ක‍ර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානයට ලබාදී ඇති පැය 72ක කාලය ආරම්භ වී ඇති බවයි.



04. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි

ගාසා තීරයේ එකඟ වූ ස්ථානවලින් ඊශ්‍රායල හමුදා ඉවත්වීම අවසන් බව, මැද පෙරදිග සඳහාවන ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් නිවේදනය ක‍ර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානයට ලබාදී ඇති පැය 72ක කාලය ආරම්භ වී ඇති බවයි.



(colombotimes.lk)