07 July 2025

logo

ඇමරිකාවේ LGBTQ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි



එක්සත් ජනපදයේ විශාලතම LGBTQ (සංක්‍රාන්ති ලිංගිකයින්) උපදේශන සංවිධානය සිය පළමු ජාතික හදිසි තත්වය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ, තම ප්‍රජාවට විරුද්ධ නීති රීති සහ නියාමනයන් සම්පාදනය වන බව පවසමින්. 
 
ඒ අනුව ඔවුන් පවසන්නේ LGBTQ ප්‍රජාවට විරෝධී යැයි සලකන පනත් 70 කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනාගත් බවයි. 
 
එම පනත් සියල්ල පසුගිය කාලයේ සම්මත වී ඇති බවද ඔවුන් සඳහන් කළා. 
 
ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති පනත් 525න් 220ක් LGBTQ ප්‍රජාවට විරෝධී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
එම පනත් 2015 වසරේ සිට හඳුන්වා දුන් ඒවා බව වැඩිදුරටත් වාර්තා වනවා. 
 
එහි ප්‍රතිඵලයක් ලෙස, LGBTQ සාමාජිකයින් සිටින පවුල් තර්ජනවලට ලක්ව ඇති බවත් එම සංවිධානය සඳහන් කළා. 
 
මීට අමතරව තවත් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යාමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)