16 January 2026

logo

IMF දූත පිරිසක් එළඹෙන සතියේ දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළඹෙන 22වනදා දිවයිනට පැමිණෙන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසනවා.

ඇය කියා සිටියේ එම දූත පිරිස 22වනදා සිට 28වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවයි.

පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් එලෙස දිවයිනට පැමිණෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)