ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරන බවයි.
ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
සංශෝධිත ඉන්ධන මිල ගණන්වලට අනුකූලව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 309ක් ලෙසයි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 188ක් ලෙසයි.
(colombotimes.lk)