පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර 3 ක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා.
එම නියෝගය නිකුත් කර ඇත්තේ, ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.
ඒ අනුව අද (29) පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙසයි.
රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.
(Colombotimes.lk)
