ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
දේශීය වෙළඳපොලේ බිත්තර මිල ස්ථාවර කිරීමේ අරමුණින්, රාජ්‍ය වෙළඳ (Misc) සංස්ථාව විසින් බිත්තර ආනයනය කර දේශීය වෙළඳපොළට නිකුත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණා.
මේ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය සමාගම් 03 කින් මිල ගණන් කැඳවා තිබෙනවා.
ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
මෙම යෝජනාවට අනුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මාස 03ක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් රාජ්‍ය වෙළඳ (Misc) සංස්ථාව හරහා ඉදිරියේදී මිලදී ගැනීමට නියමිතයි.
ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලබන මිල පිරිවිතර මත පදනම්ව ප්‍රසම්පාදනය සිදුකරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
