17 October 2025

logo

PUBG ආදර කතාවක් හිරගෙදරින් අවසන් වෙයි



ජනප්‍රිය ඔන්ලයින් ක්‍රීඩාවක් වන PUBG හරහා මුණගැසුණු පකිස්තාන තරුණියක් සහ ඉන්දියානු තරුණයෙකුගේ ආදර කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ඒ, මේ වනවිට එම යුවළ සිරගත කර තිබීම හේතුවෙන්. 
 
තරුණයා 22 හැවිරිදි සහ තරුණිය 27 හැවිරිදි වියේ පසුවන බව සඳහන්. 
 
ඒ අනුව තරුණිය විසින් තරුණයා සමඟ ජීවත් වීමේ අරමුණෙන් ඉන්දියාවට පැමිණ තිබෙනවා. 
 
ඇය මෙසේ පැමිණ ඇත්තේ සිය දරුවන් 4දෙනා සමඟ වීම විශේෂත්වයක්. 
 
එහිදී ඔවුන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ නගරයක මසකට අධික කාලයක් රැඳී සිට තිබුණා. 
 
යුවල අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඉන්දීය පොලීසිය පැවසුවා. 
 
එමෙන්ම ඔවුන් දෙදෙනා විවාහ වී එකට ජීවත් වීමට කැමැත්ත පළකර ඇති බවද වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)