colombotimes.lk
සිංහල | English

22 October 2024


ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි



ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.

සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පසුගියදා පැවැත්වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡන්ද දායකයින් බිලියනක පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබුණු බවයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543ක් තිබෙන අතර ඉන් ආසන 272ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජයගන්නා පක්ෂය හෝ සන්ධානය මැතිවරණයේ ජයග්‍රාහකයින් ලෙස සැළකෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙවැනි ධූර කාලය සඳහා මෙම මැතිවරණය ජය ගනු ඇති බවයි.
(colombotimes.lk)