24 August 2025

logo

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06කට අධිචෝදනා භාරදෙයි



හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06දෙනෙක්ට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරීමට අද (21) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහාධිකරණය විසින්. 

එම විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
2014 දෙසැම්බර් 26 සහ 2015 ජනවාරි අතර කාලය තුළදී නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින්, ගංවතුර සහනාධාර සඳහා රුපියල් 6,146,110ක මුදලක් වැය කරමින් එම මුදල් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා 05ක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවකට සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06දෙනෙක්ට චෝදනා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)