අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, පළමු ව්‍යාපෘතිය, කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ - සැලසුම්, ආලෝකා කරණාරත්න මහත්මිය පැවසුවේ අද සිට අන්තර් පළාත් බස් රථ නතර කළ හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් පවතින ස්ථානවල පමණක් බවයි.
(colombotimes.lk)