විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කළේ එම පුද්ගලයින්ගෙන් 90 දෙනෙකුට ආසන්න පිරිසක් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවයි.
එමෙන්ම මේ වන විටත් ඔවුන් සියලු දෙනාම නුදුරේදීම ලංකාවට රැගෙන ඒමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
