15 September 2025

logo

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ඇරඹේ



නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ඉන් රාජ්‍ය සේවයට අලුතින් ග්‍රාම නිලධාරීවරුන් 2,100ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ පසුගියදා පැවති ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි යොමු කර ඇති බවයි.

 
(colombotimes.lk)