13 December 2025

logo

හිටපු කථානායක අශෝක රන්වල මුහුණ දුන් අනතුර ගැන විමර්ශනයක්



හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. 

ඔහු කියා සිටියේ අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස 6ක බිළිඳියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි 

එමෙන්ම මෙම අනතුරේ රියදුරන් බීමත්ව සිටියාද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙන බවත් එහි ප්‍රතිඵලය මත තනතුර තරාතිරම බාධාවක් කර නොගෙන පොලීසිය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)