09 January 2026

logo

නායයෑමේ අවදානම් ස්ථාන ගැන විමර්ශන අරඹයි



නායයෑම් හා නායයෑමේ අවදානම් ස්ථාන 2377ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ඉන් ස්ථාන 529ක් සම්බන්ධයෙන් අවසන් වාර්තා නිකුත් කර ඇති බවයි.
 
ඒ සඳහා දිස්ත්‍රික්ක 7කට පරීක්ෂණ කණ්ඩායම් 56ක් යොදවා තිබෙනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ ස්ථාන 1322ක නායයෑම් හා පස් කඳු කඩාවැටීම් ඇතුළු සිදුවීම් වාර්තා වී ඇති බවයි. 

එමෙන්ම නායගිය ස්ථාන චන්ද්‍රිකා ඡායාරූප මඟින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)