නීති විරෝධීව නිෂ්පාදනය කරන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ රතිඤ්ඥා සහ ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමති නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට තොරතුරු ලැබී තිබෙන බවයි.
වගාබිම්වලින් වනසතුන් පළවා හැරීම සඳහා බහුලව භාවිතා වන මෙම නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය මඟින් පසුගිය කාල සීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඊට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුවී ඇති බවයි.
මේ වන විටත් තහනම් කර ඇති හක්කා පටස් සහ චීන පටස් නැමති පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවන බවට තොරතුරු ලැබී ඇති නිසා එම ක්‍රියාකාරකම් නැවැත්වීමට දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)