18 December 2025

logo

ජපානයේ ජනගහනය ලක්ෂ 8 කින් පහත වැටෙයි



ජපානයේ ජනගහන අර්බුදය වේගවත් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය වසර තුළ ජපන් ජාතිකයින්ගේ සංඛ්‍යාව 800,000ට වඩා පහත වැටී ඇති බව සඳහන්.

මෙය අනෙකුත් නැගෙනහිර ආසියානු රටවල දක්නට ලැබෙන තත්ත්වයට සමානතා දක්වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වසරේ ජනවාරි 1 වනදා වන විට, ජපානයේ මුළු ජනගහනය මිලියන 125.4 ක් වී තිබෙනවා.

එයට ජපන් සහ විදේශීය පදිංචිකරුවන් ද ඇතුළත් කර ඇති බව සඳහන්.

පෙර වසරට සාපේක්ෂව ජපානයේ සිටින විදේශීය පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් 10% කින් ඉහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)