colombotimes.lk
සිංහල | English

09 May 2024

ජපානය ආදරයේ රස එකතු කරමින් "Romance Bread” නිපදවයි



ජපානය විසින් ආදරයේ රස එකතු කරමින් “Ren AI Pan” හෙවත් “AI Romance Bread” නමින් පාන් වර්ගයක් නිෂ්පාදනය කර තිබෙනවා.

ඒ ජපානයේ තිබෙන පැරණිතම බේකරිය වන Kimuraya සහ ජපන් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සමාගමක් වන NEC Corp එකාබද්ධ වෙමින්.

NEC සහ Kimuraya ප්‍රකාශ කරන්නේ ප්‍රේමයේ විවිධ අවධීන් හඟවන රස පහකින් මෙම පාන් වර්ග නිර්මාණය කර ඇති බවයි.

එම රස වර්ග පහ ලෙස ඔවුන් නම් කර ඇත්තේ පළමු හමුවීම, පළමු ආදර හමුව, ඉරිසියාව, සිත් වේදනාව සහ අනෝන්‍ය ආදරයයි.

 
ඔවුන් එම රසයන් ලබා ගෙන ඇත්තේ එරට රූපවාහිනි නාලිකාවක විකාශය වන රියැලිටි dating show එකක් සහ ජපන් ගීත පද රචනයන්වල තිබෙන පළතුරු සහ රසකැවිලි යොදාගනිමින් AI තාක්ෂණය ඔස්සේ විශ්ලේෂණයක් සිදු කිරීමෙන් පසුවයි.

මෙම “AI Romance Bread” ජපානයේ Kant ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල්වලින් සහ  Kimuraya Bakery’s online store හරහා මිලදී ගන්න පුලුවන්.
(colombotimes.lk)