මෙම සතිය අගදී ලිතුවේනියාවේ පැවැත්වෙන නේටෝ සමුළුවට පෙර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එක්සත් රාජධානියට ගොස් තිබෙනවා.
ඒ, යුක්‍රේනයට පොකුරු බෝම්බ යැවීමට ඔහු කළ ඉල්ලීම පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
එසේ ප්‍රශ්න කළ රටවල් අතර එක්සත් රාජධානිය සහ කැනඩාව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සාමාන්‍ය වැසියන්ට අනතුරුදායක වීම හේතුවෙන් තහනම් කරන ලද බෝම්බ වර්ගයක් ලෙස පොකුරු බෝම්බ හැඳින්වෙනවා.
නමුත් මෙයට පිළිතුරු වශයෙන් ඇමරිකාව පවසා ඇත්තේ යුක්‍රේනයේ ආයුධ තොග අඩුවෙමින් පවතින බැවින් පොකුරු බෝම්බ අවශ්‍ය වන බවයි.
ඒ අනුව අද (10) දිනයේ දී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් හමුවීමට නියමිතයි.
ඔවුන් දෙදෙනා යුක්‍රේන යුද්ධය ඇතුළු විවිධ කරුණු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
නමුත් ඇමරිකාවේ පොකුරු බෝම්බ ප්‍රකාශය රිෂි සුනක් විසින් දැඩි ලෙස විවේචනනයට ලක්කර තිබෙනවා.
මීට අමතරව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් තුන්වන චාර්ල්ස් රජු හමුවීමට ද නියමිත බව සඳහන්.
(colombotimes.lk)