colombotimes.lk
සිංහල | English

03 May 2024

කංචනගෙන්, සජිත්ට අභියෝගයක්



ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොග ගොඩබෑමට අවසර ලබාදී ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්වි (CPSTL) විසින් සිදුකරනු ලබන තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වුවහොත් කිසිඳු ඉන්ධන තොගයක් ගොඩබෑමට අවසර ලබා නොදෙන බවයි ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ. 
 
ඉන්ධන තොග ගොඩබෑමට අවසර ලබා දෙන්නේ CPSTL ආයතනය විසින් සිය රසායනාගාරයේදී සිදුකරන තත්ත්ව පරීක්ෂණවලින් පසුව පමණක් බව පැවසූ අමාත්‍යවරයා, ලංකා ඛණිජ තෙල් සංස්ථාව (CPC) හෝ CPSTL විසින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොග බෙදා හැර තිබේ නම් නඩු පවරන ලෙස විපක්ෂ නායකවරයාට අභියෝග කළා. 
 
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් එම ප්‍රකාශය කළේ එම තොගය බෙදා හැරීම වැළැක්වීමට බවත් එය පාරිභෝගිකයන්ගේ යහපත තකා සිදුකළ බවයි. 
 
ඒ අනුව ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන තොග පිළිබඳ සියලු පරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර සත්‍ය හෙළි කරන ලෙසයි.
(colombotimes.lk)