මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රීයවී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.
මේ හේතුවෙන් රෝගීන් 8,000ක් පමණ ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බවයි ඔහු සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 02ක් පමණක් පවතින බවයි.
මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බවද ඔහු සඳහන් කළා.
මීට අමතරව මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 02ක් ද අඩාල වී ඇති බව සඳහන්.
(colombotimes.lk)