24 January 2026

logo

කස්සප හිමි රෝහල්ගත කරයි



ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක සදහන් කළේ උන්වහන්සේට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි.

පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇති වූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙක් එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

(colomboimes.lk)