මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 151වන වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම පෙරහැර පස්වරු 04.00 සිට පසුදින අළුයම 01.00 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැර මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයෙන් ගමන් ආරම්භ කර පරණ ගාලු පාර, ශාන්ත පීතර් පටුමග, නව ගාලු පාර, මොරටුව බස් නැවතුම්පොළ, වීර පුරන්අප්පු රජ මාවත, ජෝශප් මාර්ගය හරහා කුරුස හන්දියට පැමිණ නැවත පරණ ගාලු මාර්ගය හරහා දේවස්ථානයට පැමිණීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.
එම මාර්ග හරහා ගමන් කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ එම කාලය අතරතුර අදාළ මාර්ගවල රථවාහන තදබදයක් හට ගැනීමට හැකියාව පවතින බැවින් පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
(colombotimes.lk)
