සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර අවසන් T20 ක්‍රිකට් තරගය අද (03) පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගය පස්වරු 7.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන මෙම T20 ක්‍රිකට් තරගාවලියේ ජය සංචාරක එංගලන්ත කණ්ඩායම මේ වන වන විටත් තමන් සතු කරගෙන අවසන්.
ඒ පැවැති පළමු තරගය සහ දෙවන තරගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වනවා.
මෙම තරගයේදීත් සුපුරුදු පරිදි එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස හැරී බෘක් සහ ශ්‍රී ලංකා ක්ණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කිරීමට නියමිතයි.
අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඉතා වැදගත් වනවා.
ඒ මෙය ඔහුගේ 100 වන ජාත්‍යන්තරව T20 තරගය බවට පත්වීම හේතුවෙන්.
ඔහු වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් T20 තරග 100ක් ක්‍රීඩ කළ දෙවන ක්‍රීඩකයා ලෙසයි.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරග 100කට වඩා වැඩියෙන් ක්‍රීඩා කර තිබෙන්නේ වත්මන් නායක දසුන් ශානකයි.
එමෙන්ම අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් එම ජය වසර 12කට පසු එංගලන්තයට එරෙහිව ලැබූ පළමු T20 ජයග්‍රහණය ලෙස වාර්තා
පොත් අතරට එක්වන්වා.
