03 February 2026

logo

ත්‍රීරෝද රථයක් ඉන්ධන බවුසරයක ගැටී මාරක අනතුරක්



ත්‍රීරෝද රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් ඊයේ (02) සවස අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ රත්නපුර පානදුර මාර්ගයේ මුණසිංහපුර ප්‍රදේශයේදීයි.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ත්‍රීරෝද රථයෙන් ඉවතට විසිවී බවුසර් රථයට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රීරොද රථයේ රියැදුරු හා එහි ගමන්ගත් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් කාන්තාව වයස අවුරුදු 20ක් වන අයගම ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධ බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)